ලක්ෂ 980ක් හා ජනපති අනුර - කොට්ටහච්චි මන්ත්‍රිනිගේ හෙළිදරව්වක්

Report

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙතක් සිටි ජනාධිපතිවරුන් යැවූ දුරකථන කෙටි පණිවිඩය මෙවර ජනාධිපති අනුර දිසානායක විසින් නොයැවීම හේතුවෙන් රුපියල් ලක්ෂ 980ක මුදලක් රටට ඉතුරු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ඨහච්චි පවසයි.

එකී සුබ පැතුම් පණිවිඩය නොයැවී රටටත් ජනතාවටත් ප්‍රශ්නයක් නොවූ බවද මන්ත්‍රීනිය පවසයි. ඇය මේ අදහස් දක්වා සිටියේ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී අදහස් දක්වමිනි. එහිදී නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීනිය මෙසේද පැවසුවාය .

ඉන්දියාව එකඟ නැතිනම් ආරක්ෂක ගිවිසුම හෙළි කරන්න බැහැ...

ඉන්දියාව එකඟ නැතිනම් ආරක්ෂක ගිවිසුම හෙළි කරන්න බැහැ...

‘අලුත් අවුරුද්දටත් අපිට ෆෝන් එකට එන අවුරුදු සුභ පැතුම් එක්ක බලනකොට ජනාධිපතිතුමාගෙනුත් අපිට සුබ පැතුම් පණිවිඩයක් එන්න තිබුණා. හැබැයි මේ අවුරුද්දේ ඒක ආවෙ නෑ.

ඒ සුභ පැතුම් පණිවිඩය ආවෙ නෑ කියලා රටට ප්‍රශ්නයක් වුණෙත් නැහැ අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි විශාල මුදලක් ඉතුරු වුනා කියන එක විතරක් කියන්න ඕනේ. පහුගිය අවුරුද්ද විතරක් මේ SMS එකට රුපියල් ලක්‍ෂ 980ක් වියදම් වෙලා තියෙනවා.


කොල්ලවයි, කෙල්ලවයි අපයෝජනය කළ හොර කපුවා අම්මගේ අනියම් හස්බන්ලු

කොල්ලවයි, කෙල්ලවයි අපයෝජනය කළ හොර කපුවා අම්මගේ අනියම් හස්බන්ලු

අපේ සල්ලි අරගෙන අපිටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා SMS ගහපු ඒ ක්‍රමය අපි අපේ නායකත්වයක් තුළින් වෙනස් කරලා තියෙන එකම අපි ලබපු ජයග්‍රහණයක් තමයි. නායකයෙක් ඉන්න ඕනේ අවුරුද්දට අපිට SMS ගහන්න නෙමෙයි.

අපි ගෙවන බදු වලින් නැවත වතාවක් මහ පොළොවේ ජීවත් වෙන අපිට සාධාරණව ජීවත් වෙන්න පුළුවන් විදිහට ඒ මුදල් බිමේ වැඩ වලට යොදවනවා නම් ඒකට තමයි නායකයෙක් ඕන.