පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ අගරදගුරු මැල්කම් කාදිනල් හිමිගේ ශෝකය

By Zara Apr 22, 2025 03:00 PM GMT
Report

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් මෙත් සිතින් සෙත්පැතීම් සිදුකරන ලෙසට, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් සිදුකරයි.

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් ශෝක ප්‍රකාශක් නිකුත් කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම ඉල්ලීම සිදුකළේය.

එමෙන්ම කාදිනල් හිමියන් සියලුම පූජා ප්‍රසාදී වහන්සේලාගෙන් මෙන්ම සභාවේ අනෙකුත් නායකයින්ගෙන්ද ඉල්ලා සිටියේ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආත්මය වෙනුවෙන් අවශ්‍ය යාඥා කිරීම් සිදුකරන ලෙසටය.

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ ශ්‍රී ලංකාව පිළිබඳව තිබු ආදරය සහ ගෞරය සම්බන්ධයෙන් ද සිහිපත් කරමින් කාදිනල් හිමියන් පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දී ද උන්වහන්සේ පාස්කු වින්දිතයින් පිළිබඳව දැඩි ලෙස ශෝකයටත් කම්පාවටත් පත්වෙමින් එම වින්දිතයින් වෙනුවෙන් යාඥා කළ බවය.  

සෙනග වැඩියි.. හෙට නෑවිත් වෙන දසවක එන්න...

සෙනග වැඩියි.. හෙට නෑවිත් වෙන දසවක එන්න...

පිරිසිදු කරන්නාගේ සිට ජනතාවගේ පාප් වහන්සේ දක්වා.

පිරිසිදු කරන්නාගේ සිට ජනතාවගේ පාප් වහන්සේ දක්වා.