ඉන්දියාව එකඟ නැතිනම් ආරක්ෂක ගිවිසුම හෙළි කරන්න බැහැ...

Report

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ මෙරට සංචාරයට සමගාමීව අත්සන් තැබුණු ඉන්දු – ලංකා ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඊට යම් කාලයක් ගත වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

කොල්ලවයි, කෙල්ලවයි අපයෝජනය කළ හොර කපුවා අම්මගේ අනියම් හස්බන්ලු

කොල්ලවයි, කෙල්ලවයි අපයෝජනය කළ හොර කපුවා අම්මගේ අනියම් හස්බන්ලු

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි. එහිදී ප්‍රශ්නය වූයේ, ඉන්දු- ලංකා ආරක්‍ෂක ගිවිසුම අනුව චීන පර්‍යේෂණ නෞකාවට ලංකාවට පැමිණීමට නොහැකිද යන්නය.

නමුත් ඒ ප්‍රශ්නයට අමාත්‍යවරයා නිශ්චිත පිළිතුරක් දුන්නේ නැත. නමුත් ඔහු අවධාරණය කර සිටියේ ඉන්දියාව සමඟ ලංකාව ගිවිසුම් 1ක් නොව 7ක් අත්සන් කළ බවත් ඒවා අවබෝධතා ගිවිසුම් පමණක් බවත් ය.

පිරිසිදු කරන්නාගේ සිට ජනතාවගේ පාප් වහන්සේ දක්වා.

පිරිසිදු කරන්නාගේ සිට ජනතාවගේ පාප් වහන්සේ දක්වා.

කෙසේවෙතත් මීට පෙර නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසා තිබුණේ අදාළ ගිවිසුම් ලබාගැනීම සඳහා නියමිත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම් කරන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා තිබුණේ මෙකී ගිවිසුම් 7 පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති බවයි.