IMF සම්බන්ධයෙන් මෙරරට සුභ ආරංචියක්..
පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ ණය සහතිකය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය අද (02) අනාවරණ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව අදාළ රටවලින් ලබාගත් සමස්ත ණය ප්‍රතිව්‍යහුගතකරණය කිරීම සඳහා එම සහතිකය ලබාදීමට නියමිත බවයි මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් එම පුවත් සේවය පවසා සිටියේ.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය සහනයක් ලබාගැනීම සඳහා චීනයේ, ඉන්දියාවේ මෙන්ම පැරිස් සමාජයේද ණය ප්‍රතිව්‍යුහකරණ සහතිකය අත්‍යවශ්‍ය සාධකයක් වනවා.
ඉන්දියාව ඒ සඳහා අවශ්‍ය අපේක්ෂිත මට්ටමේ ණය සහතිකයක් ලබාදුන් අතර, චීන එක්සිම් බැංකුව ලබාදුන් වසර දෙකක සහන කාලයක් ඇතුළත් ණය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතීන්ට ප්‍රමාණවත් නොවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නියුලන්ඩ් සඳහන් කළා.
මෙවන් පසුබිමක ණයදෙන රටවල් 22කින් සමන්විත පැරිස් සමාජය ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ ණය සහතිකය කඩිනමින් ලබාදීමට සූදානම් වනබව රොයිටර්ස් පුවත් සේවය අනාවරණ කළ අය්හර
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අදාළ විස්තීරණ මූල්‍ය සහනය ලබාගැනීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදි ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹුණා.
