IMF එකෙන් ශ්‍රී ලංකාවට ණය ලබාදීම ගැන අලුත්ම ආරංචිය මෙන්න.
ශ්‍රී ලංකාවට ණය ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සාකච්ජා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර සිටිනවා.
මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකින් පෙළෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබාදිය හැකි ණය වැඩසටහනක් සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ජා කිරිමට නියමිත බවයි IMF සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ජෙරී රයිස් උපුටා දක්වමින් රොයිටර් පුවත සේවය වාර්තා කර සිටින්නේ.
මේ සම්බන්ධයෙන් වන සාකච්ජා අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත IMF සහ ලෝක බැංකුවේ රැස්වීම් වලදී සිදුකෙරෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද වොෂින්ටනයට පැමිණීමට නියමිත බවද IMF මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මුල්‍ය වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා බලධාරීන් කැමැත්ත පළකර ඇති බවට එහි මාධ්‍ය ප්‍රකාශකවරයා ඉකුත් දා පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන මාසයේ සිය නව ලෝක ආර්ථික ඉදිරි දැක්ම නිකුත් කරන විට ශ්‍රී ලංකාව සඳහා වන එහි පුරෝකථනය යාවත්කාලීන කරන බව ද IMF මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |