ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසියේම ගත් තීරණය..
IMF Sri Lanka
By krishani
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය හදිසි ආධාර ප්‍රතිපාදන ඉහළ නැංවීමට අවධානය යොමු කර තිබෙන අතර එම සංවිධානය පවසන්නේ ලොව පුරා රටවල් රැසක් මුහුණ දී ඇති ආහාර අර්බුධය සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹී බවයි.
ඒ අනුව මූලික වශයෙන් රටවල් 20 - 30 ත් අතර සංඛ්‍යාවකට දැනට සැපයෙන හදිසි අධාර ඉහළ නංවනු ඇති අතර රුසියා - යුක්රේන යුධමය වාතාවරණයත් සමග තවදුරටත් ලොව පුරා ආහාර පිරිවැය ඉහළ යමින් පවතියි.
හදිසි ප්‍රතිපාදන ඉහළ නැංවීමේ යෝජනාව මේ විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විධායක කමිටුව වෙත යොමුකර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ අනුමැතිය ලැබීමට නියමිත බව එම අරමුදල උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.