ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව ගැන කී විශේෂ පණිවිඩය.

IMF Sri Lanka
By krishani Feb 10, 2023 02:51 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබා දුන් සහතිකය අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය සහතිකයක් ලබා දීම සඳහා පැරිස් සමාජය විසින් මෑතක දී කරන ලද ප්‍රකාශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගගන්නා බව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහන ලබා ගැනීමට අවශ්‍ය කරන මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තම ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිටියි.

ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රමාණවත් මූල්‍ය සහතික ලබා ගැනීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට ශ්‍රී ලංකා බලධාරින් සමත් වූ විට ශ්‍රී ලංකාව වෙත ප්‍රධානය කිරීමට එකඟ වී සිටින සහන පැකේජය මුදා හැරීමට අදාල අනුමැතිය හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join