IMF නියෝජිත පිරිසක් අද දිවයිනට

Report

අද (ජන. 22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත ය. මෙහිදී ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. විස්තීරණ ණය පහසුකම මගින් මේ දක්වා ඩොලර් බිලියන 1.74ක් ණය ලබා ගෙන ඇති අතර ඩොලර් බිලියන 3ක් දක්වා මුදල් ලබා ගැනීමට නියමිත ය.

එම 5 වන සමාලෝචනය අවසන් කිරීමට පසුව විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිත අතර ඉන්පසුව තවත් අමෙරිකන් ඩොලර් මිලියන 347ක් මෙරටට ලැබීමට ද නියමිත බව සඳහන් වේ.

දෙවියනේ ලංකාවෙන් ගෑවුණත් ළගින් ගියත් බෝවෙන දරුණු රෝගයක් ඉහළට - රෝගීන් 1,282ක්

දෙවියනේ ලංකාවෙන් ගෑවුණත් ළගින් ගියත් බෝවෙන දරුණු රෝගයක් ඉහළට - රෝගීන් 1,282ක්

මෙම වැඩසටහනේ පස් වන සමාලෝචනය සඳහා සාකච්ඡා කිරීම සඳහා මීට පෙර සැලසුම් කර තිබුණත් ගංවතුර සහ නාය යෑම් තත්ත්වය නිසා එය ප්‍රමාද වු බවට සඳහන්.

කෙසේ නමුත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගෙවීම් සහ මූල්‍ය හිඟය මඟහරවා ගැනීම සඳහා අයි.එම්.එෆ්. වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

දිට්වා ව්‍යසනය සහ මෑතකාලීන ආර්ථික තත්ත්වයන් ගැන මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කරනු ඇත.

රාජ්‍ය වියදම් කප්පාදුව කියලම වාහන 26ක් වෙන්දේසියට

රාජ්‍ය වියදම් කප්පාදුව කියලම වාහන 26ක් වෙන්දේසියට