දෙවියනේ ලංකාවෙන් ගෑවුණත් ළගින් ගියත් බෝවෙන දරුණු රෝගයක් ඉහළට - රෝගීන් 1,282ක්

Report

ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මිය පවසන ආකාරයට 2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන් වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබේ.

මොඩියුලයේ අසභ්‍ය අඩවිය හෙලිකල සුමංගල හිමිට CID එන්නයැයි නියෝග

මොඩියුලයේ අසභ්‍ය අඩවිය හෙලිකල සුමංගල හිමිට CID එන්නයැයි නියෝග

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අතරින් 10%ක් පමණ එනම් රෝගීන් 123ක්, වයස අවුරුදු 15ට අඩු පාසල් දරුවන් බවය.

මේ අතර, ඉතා අවාසනාවන්ත ලෙස නව රෝගීන් වාර්තාවන විටත් 8%ක් පමණ ආබාධිත තත්ත්වයට ලක්ව අවසන් බවද වෛද්‍යවරිය පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මිය සඳහන් කරේ,

"රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්න රජයේ රෝහල්වල නොමිලේ ප්‍රතිකාර ක්‍රම සියල්ල අපි ස්ථාපිත කරලා තියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රම ලබාදීමේ කිසිම ප්‍රමාදයක් ඇති වීමට අවස්ථාවක් නෑ. මෙතන තියෙන ගැටලුව තමයි ඔවුන් රජයේ රෝහල්වලට, නැත්තන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් වෙතට, කාර්යාල වෙතට යොමු වීමේ පරක්කුවක් තියෙනවා"

යනුවෙනි.

නුවර මාර්කට් ඉදිරිපිට පළතුරු විකුණුම්කරුවන්ට විකල්ප ඉඩම් දුන්නට බිස්නස් නැහැ - වෙළෙන්දෝ අසරණයි

නුවර මාර්කට් ඉදිරිපිට පළතුරු විකුණුම්කරුවන්ට විකල්ප ඉඩම් දුන්නට බිස්නස් නැහැ - වෙළෙන්දෝ අසරණයි