මහ මැතිවරණය නිමා වී දින දෙකකට පසුව සිදුවන සුවිශේෂී සිදුවීම..ජනපතිගෙන් ප්‍රකාශයක්..!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිවන බවයි.
අද (11) පස්වරුවේ ගම්පහ පැවති මැතිවරණ රැලිය අමතමින් ඒ මහතා ඒ බව පැවසීය.
"මේ වනවිට එය සම්පූර්ණයෙන් අවසන්. තව යම් ප්‍රමාණයක් තියෙනවා. 2028 දී තමයි අපි ණය ගෙවන්න පටන් ගන්නේ. 2028 දී අපි ගෙවිය යුතු ණය අපි ගණනය කරලා තියෙනවා. එම ණය පංගුව ගෙවිය හැකි ආර්ථිකයක් ආණ්ඩුවට හදන්න පුළුවන්.
මහ මැතිවරණය නිමාවී දින දෙකකට පසුව IMF කණ්ඩායම ලංකාවට එනවා. එවිට අපි 3න් වන සමාලෝචනය අවසන් කරලා ජනවාරි අග, පෙබරවාරි මුල වෙනකොට ඒ කටයුත්ත අවසන් කරනවා. එවිට ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවර භාවයක් අපිට ලබාගන්න පුළුවන්."