හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හදිසි බයිපාස් හෘද සැත්කමකට
By Aylin Zoya
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෘද සැත්කමකට භාජනය වී ඇති බව වාර්තා වේ.
කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේදී අද (10) අලුයම 5.00ට පමණ මෙම සැත්කම සිදුකර ඇති බව සඳහන් වේ.
ආරංචි මාර්ග සඳහන් කළේ ශිරන්ති රාජපක්ෂ මහත්මියට බයිපාස් සැත්කමක් සිදුකර ඇති බවයි.
සැත්කමෙන් අනතුරුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.