IMG සාකච්ඡා සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්..!

Sri Lanka IMF Sri Lanka
By Sewvandhi Jul 30, 2022 07:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන් සමඟ එක්ව ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ එකඟතාවකට පැමිණීමට කටයුතු කරමින් සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතිය ඇතුළත් කරමින් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ විධිමත්ව කටයුතු ආරම්භ කිරීමට පෙර ණය මෙහෙයුම සඳහා වූ විශ්ලේෂණාත්මක රාමුව සමඟ ණය උපදේශකයන් සැළකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි.

සියලු පාර්ශ්වකරුවන් වෙත සාධාරණ හා තිරසාර ප්‍රතිඵල ළඟා කරගත හැකි පුළුල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ඇති කරගැනීමට රජය සිය ණය හිමියන් සමඟ සද්භාවයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now