නීති විරෝධි ලෙස ඉන්ධන ගබඩාකල සිටි අයෙකුට වැඩ වරදී...
police
Waththala
Gagana news
Storage of illegal fuel
By Subodha
නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කොට තබා ගනිමින් වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්තල - හැඳලවත්ත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරකට අනුව යි.
එහි දී සැකකරු සතුව තිබී පෙට්‍රල් ලීටර් 30කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම පසුගිය දිනවල දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් වැඩි මිලට ඉන්ධන අලෙවි කරන ස්ථාන 68ක් සොයා ගැනීමට පොලීසිය කටයුතු කළා.
එහි දී පෙට්‍රල් ලීටර් 8025ක් සහ ඩීසල් ලීටර් 726ක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |