මෙයාව දැක්කොත් ඉක්මනට පොලිසියට කියන්න
පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
ඒ තෑගි පාර්සල් ලබාදෙන බවට ප්රකාශ කරමින් පුද්ගලයින් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඔවුන්ව රවටා වංචා සහගත ආකාරයට බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරගෙන වංචා කිරීමක් සම්බන්ධයෙන් බව සඳහන්.
ඒ අනුව වාර්තා වූයේ ලියන අතුකෝරලලාගේ දොන් නිරෝෂන් සමීර නැමැති මෙම පුද්ගලයා කඩුවෙල, ඉහළ බෝමිරිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
එසේම සැකකරුගේ වයස අවුරුදු 47 ක් බව පවසයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 - 8594911 හෝ 011-2320140 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහනජතාවට දැනුම් දෙයි.