කොකිසක් කා පොල්තෙල් කෑවොත් මැරෙනවා…- ෆොන්සේකා

Coconut Oil
By Thaya Apr 10, 2021 06:51 PM GMT
Thaya

Thaya

Report

අද කොකිස් එකක් කා පොල්තෙල් ටිකක් බිවුවා නම් මැරෙන්නට හැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. වත්මන් ආණ්ඩුව විසින් දැන් දිවි නසා ගැනීම අවුරුදු මේසයටම ගෙනත් දී ඇතැයි ඒ මහතා පැවසීය. එය ඉතා භයානක තත්ත්වයක් බවත් රජය විසින් එය සැහැල්ලුවට අරන් ඇති බවද පැවසූ ඔහු මැති ඇමතිවරුන් ආනයනික පිරිසිදු පොල්තෙල් භාවිතා කරමින් ජනතාවට විස සහිත පොල් තෙල් ලබා දෙමින් සිටින බවද කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි