අපිට ගැහුවොත් අපිත් ගහනවා.. - ටිල්වින් කියයි

Report

ජාතික ජන බලවේගය බහුතර බලය සහිතව ජයග්‍රහණය කර ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට විපක්ෂය බාධා කළහොත්, එම පක්ෂවලට ද බාධා කිරීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එබැවින්, ජනතා මතයට අනුව එම සභාවල බලය පිහිටුවීමට බාධා නොකරන ලෙස තමන් ඉල්ලා සිටින බව ලේකම්වරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු, කවුරු මොනවා කීවත්, මෙම මැතිවරණයේ ඉහළම ජයග්‍රහණය ලබාගත්තේ ජාතික ජන බලවේගය බවත්, ඒ අනුව පළාත් සභා 267ක් ජයග්‍රහණය කර ඇති අතර, ඉන් 120ක් කිසිදු ගැටලුවකින් තොරව සභා පිහිටුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

ඒ අනුව, 32ක ආණ්ඩුව සහ විපක්ෂය යන දෙපාර්ශ්වයම සමානව සභිකයන් තේරී පත්ව ඇති බවත්, එම සමාන තැන්වලදී ද බාධාවකින් තොරව සභා පිහිටුවිය හැකි බවත්, සමගි ජන බලවේගයට සභා 14ක් තිබුණත් ඉන් 13කම තනිව සභා පිහිටුවීමට නොහැකි බවත් ඔහු පැවසීය.

ආණ්ඩුවට සභා එකක් හෝ දෙකක් පිහිටුවිය නොහැකි තැන්වලදී ද බලය පිහිටුවීමට අවශ්‍ය සාකච්ඡා පවත්වන බවත්, කොළඹ ඇතුළු රට පුරා බහුතර සභා පිහිටුවිය හැක්කේ ආණ්ඩුවට බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ බහුතරය ලබාගැනීමට ආණ්ඩුවට සභිකයන් 11 දෙනෙකු අඩු වී ඇති අතර, ස්වාධීන කණ්ඩායම් සහ අනෙකුත් පාර්ශ්ව සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බව ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

අනෙකුත් පක්ෂවල අභ්‍යන්තර විරසකයන් සහ ගැටුම් හේතුවෙන් එම තත්ත්වයේ වාසිය ආණ්ඩුවට හිමිවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෑලි කෑලිවලින් එකතු වී සභා පිහිටුවීම සදාචාරාත්මක නොවන බවත්, එබැවින් විපක්ෂය බාධා නොකර සිටින ලෙස තමන් ඉල්ලන බවත් ටිල්වින් සිල්වා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, එදා වෙන වෙනම තරග කර, අද සභා පිහිටුවීමට එකතු වීම සදාචාර සම්පන්න නොවන බවයි.