දිග නිවාඩුවකුත් ඇවිත් තාම ඡන්ද කාඩ් එක ලැබුනෙත් නෑ කියල බයවෙලාද හිටියේ..බදාදාට යන්න ළගම තැපැල් කාර්යාලයට ..

Report

ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූනු පුද්ගලයින්ට, ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.

පාසල් සිසුන්ට ස්මාර්ට් දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර..

පාසල් සිසුන්ට ස්මාර්ට් දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර..

දීර්ඝ නිවාඩුවක් එළඹීම නිසා තැපැල් කාර්යාල වසා තැබීම ඊට හේතුව බවයි තැපැල්පති ආර්.පී. සත්කුමාර කියා සිටියේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ දිනයෙන් අවසන් කෙරුණා. ඒ අනුව මෙතෙක් එම පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ලබාගත හැක.

මේ ගැන දැනුවත්ද ඔන්න ජනාධිපතිවරණය දවසේ නම් බැරි වෙයි..

මේ ගැන දැනුවත්ද ඔන්න ජනාධිපතිවරණය දවසේ නම් බැරි වෙයි..

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කර තිබුණේ, ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අත්‍යාවශ්‍ය නොවන බවයි.

ඒ වෙනුවට ජාතික හැදුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හා රියදුරු බලපත්‍රය ඇතුලු වලංගු අනන්‍යතා ලේඛන 9ක් එම කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කරණ ලදී.