කොළඹ වරායේදී කන්ටේනරයක තිබී 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
කොළඹ වරාය පරිශ්‍රයේ තිබූ බහාලුමක් තුළ සඟවා තිබූ අයිස් බවට සැකකෙරෙන දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
අදාළ බහාලුම තුළ පැමිණි තුවා තොගයක් අතර ඉතා උපක්‍රමශීලී ලෙස සඟවා පාකිස්තානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට අනිසි ලෙස ප්‍රවාහනය කර ඇති බව මේ වන විට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ මත්ද්‍රව්‍යවල ජාලය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ පොලීසිය එක්ව වැඩිදුර විමර්ශන සක්‍රීයව මෙහෙයවයි.