ICC එකෙන් දැනුම්දීමක් - T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය අයින් වෙයිද?

Report

එළැඹෙන පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ බංග්ලාදේශය සහභාගී වන තරග සැලසුම් කළ පරිදිම ඉන්දියාවේදී පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද දින තහවුරු කර තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) සිය තරග ශ්‍රී ලංකාවට ගෙන යන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලීම වෙනුවෙන් පැවැති විශේෂ මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ස්වාධීන ආයතන මඟින් සිදු කරන ලද සියලුම ආරක්ෂක සමාලෝචනවලින් තහවුරු වී ඇත්තේ බංග්ලාදේශ ක්‍රීඩකයින්ට, නිලධාරීන්ට හෝ ප්‍රේක්ෂකයින්ට ඉන්දියාවේ කිසිදු තර්ජනයක් නොමැති බවයි.

එංගලන්තයට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න

එංගලන්තයට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න

එබැවින් ICC පෙන්වා දෙන්නේ තරගාවලිය ආරම්භ වීමට මෙතරම් ආසන්නව තිබියදී කාලසටහන වෙනස් කිරීම ප්‍රායෝගික නොවන බවයි.

එමෙන්ම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ විශ්වාසදායක ආරක්ෂක තර්ජනයක් නොමැතිව තරග රටවල් මාරු කිරීම ඉදිරි ජාත්‍යන්තර තරගාවලිවල ස්වාධීනත්වයට සහ විනිවිදභාවයට බලපෑම් කළ හැකි බවයි. කෙසේ නමුත් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම පිළිබඳ තම ස්ථාවරය දැනුම්දීමට ICCය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනට තවත් එක් දිනයක් ලබා දී ඇති බවද පවසයි.

එහිදී බංග්ලාදේශය සිය තීරණය වෙනස් නොකරන්නේ නම්, බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය 'C' කාණ්ඩයේ තරග කිරීමට නියමිතව ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියට යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සුදුසුකම් ලැබූ රටවලින් අනතුරුව එහි ඉහළම දක්ෂතා දැක්වූ රට ස්කොට්ලන්තය වේ. 

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇඳිරිනීතිය දාලා.. මෙන්න විස්තරේ

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇඳිරිනීතිය දාලා.. මෙන්න විස්තරේ

ලංවිමෙන් තවත් අසුබ ආරංචියක් - තව ගාස්තුවක් විදුලි බිලට එකතු කරන්න සැරසෙයි

ලංවිමෙන් තවත් අසුබ ආරංචියක් - තව ගාස්තුවක් විදුලි බිලට එකතු කරන්න සැරසෙයි