මට තේරුම් ගන්න පුළුවන් ඇයි නාමල් ගොඩක් කලබල වුනේ කියලා ඒ වුණාට කියන එක හරි නෑනේ, නාමල් ප්‍රසිද්ධියේ ඇඳගෙන නායි
අද දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තතුමේන්තුවේදී අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් විසින් නාමල් රාජපක්ෂ මහතා ඊයේ දින රජයට සිදු කළ චෝදනාවක් සම්බන්ධයෙන් විමසා සිටියා.
එහිදී අමාත්‍යවරයා ඊට පිළිතුරු ලෙස සඳහන් කළේ,
" මේ සිදුවීම සුළුවෙන් ගන්න එපා. මේක පොලීසිය, අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුව සහ ඉන්දුනීසියානු පොලීසිය අපේ බුද්ධි අංශ සහ ඉන්දියානු බුද්ධි අංශ කියන පාර්ශ්ව ගණනාවක් එකතු වෙලා කරපු ඉදිරි මෙහෙයුමක්. මේ පාතාල නායකයන් පස්දෙනාම ලංකාවට ගේනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. සමහර විට නාමල් ඒක කියන්න ඇත්තේ මේක සුළු සිදුවීමක් නැත්නම් ඊට වඩා අපරාධ ගැන දන්න නිසා වෙන්න පුළුවන්. ඒක ඒ අයට සුළු දෙයක් වුණාට රටට මහ දෙයක්. කලබල වෙන්න එපා ප්‍රශ්න කිරීම් හමුවේ දැනගන්න තොරතුරුත් එක්ක මේකට සම්බන්ධ දේශපාලනඥයන් කවුද? රාජ්‍ය නිලධාරීන් කව්ද කියන එකත් එක්ක නීතිය ක්‍රියාත්මක වේවි. දැන් තියෙන්නේ කලින් ආණ්ඩු නෙමෙයි මදූෂ්ලට සිද්ධ වුණ ඒවා මේ ආණ්ඩුවෙන් සිද්ධ වෙන්නෙ නෑ ක්‍රමානුකූලව ප්‍රශ්න කිරීම් වෙනවා...මට නම් ඇත්තටම තේරුම් ගන්න පුළුවන් ඇයි නාමල් ගොඩක් කලබල වුනේ කියලා. නමුත් මෙතැනට දැන් කියන්න ඕනේ නැහැ කවුරුත් කලබල වෙන්න එපා. අපරාධවලට සම්බන්ධ නොවිච්ච කිසිම කෙනෙක් කලබල වෙන්න ඕන නැහැ. එයාලට කරන්න පුළුවන් දේ තමයි තව මොනවා හරි දෙයක් දන්නවනම් කියන එක කිසිම සංදර්ශනයක් තිබුණෙ නැහැ. මහජන ආරක්ෂක විෂය භාර ඇමතිවරයා සහ පොලිස්පතිවරයා කටුනායක ගුවන් තොටුපළට ගියේ මේකට සම්බන්ධ වුණු ඉන්දුනීසියානු පොලිසියට රටක් හැටියට ගෞරවය සහ ස්තුතිය දක්වන්න. මම හිතන්නේ අපේ ඉන්දුනීසියාවට ගිහින් ඒක කරනවට වඩා රටට ආපු වෙලාවේ එක කරන එක තමයි හොඳ." යනුවෙන්.
ඊයේ දිනයේදී නාමල් මන්ත්‍රීවරයා පවතින රජයට චෝදනා කර සිටියේ ඔවුන් බලයේ සිටි කාලයේ පවා චූදිතයන් අල්ලා දඬුවම් කළ ද කෙහෙල්බද්දර පද්මේ නැමති අපරාධකරු අල්ලා ගැනීමට තරම් සංදර්ශනයක් ඔවුන් නොදැම්ම බවටයි.
එසේම වත්මන් ආණ්ඩුව තනිකර සංදර්ශන පෙන්වා ජනතාව වෙනතකට යොමු කරන බව සඳහන් කර ඇති බව වාර්තා වේ.