"මට ගොඩක් කරදර වුණා" බිරිදගේ කරදරේ ඉවසන්න බැරි සැමියා මහපාරෙම වෙඩි තියලා පොලිසියට භාර වෙලා
බදාදා සවස ගොරක්පූර් හි වෙළඳපොළක් මැදදී තම බිරිඳට වෙඩි තැබීම සම්බන්ධයෙන් උත්තර් ප්‍රදේශ් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තුවක්කුව හිස්වැස්මේ සඟවාගෙන සිටි පුද්ගලයා තම බිරිඳට වෙඩි තබා විනාඩි 25 කට ආසන්න කාලයක් එහි රැඳී සිටියේය.
අසල සිටි අය විසින් කාන්තාව රෝහලට ගෙන ගිය නමුත් වෛද්‍යවරයා විසින් ඇය මිය ගිය බව ප්‍රකාශ කරන ලදී.
මමතා නම් මියගිය බිරිද විශ්වකර්ම චෞහාන් සමඟ වසර 15 ක් විවාහ වී ඇත. පසුගිය වසර එකහමාරක කාලය තුළ මෙම යුවළ නිතර ආරවුල් ඇති කරගෙන ඇති අතර එය ඔවුන්ගේ වෙන්වීමට හේතු වූ බව වාර්තා වේ.
සිද්ධියට අනුව විශ්වර්කර්මා කාර්යබහුල වෙළඳපොලේ විනාඩි 25 ක් සිටගෙන, "මට ඇයගෙන් ගොඩක් කරදර වුණා" යනුවෙන් නැවත නැවතත් ප්‍රකාශ කළේය. රාත්‍රී 8 ට පමණ මමතා ඇගේ ඡායාරූපයක් ගැනීමට චිත්‍රාගාරයකට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවිය. ඇය පිටතට එන විට, විශ්වකර්මා තම බයිසිකලයෙන් ඇය එනතුරු බලා සිටිනු දුටුවාය.
ඔවුන් අතර ආරවුලක් ඇති වූ අතර එය ඉක්මනින්ම ගුටිබැටයක් බවට පත් වූ බව වාර්තා වේ. කෝපයට පත් විශ්වකර්ම පිස්තෝලය එළියට ගෙන මමතාට වෙඩි දෙකක් එල්ල කළේය, එකක් ඇගේ පපුවට සහ අනෙක ඇගේ අතට. මමතාව ළඟම ඇති රෝහලකට ඉක්මනින් ගෙන යන ලදී.
කෙසේ වෙතත්, ඇය මිය ගිය බව ප්‍රකාශ කරන ලදී. මේ අතර, පොලිසිය පැමිණ ඔහුව අත්අඩංගුවට ගන්නා තෙක් විශ්වකර්ම එම ස්ථානයේ සිටගෙන සිටි බව මාධ්‍ය වාර්තා කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුවෙමින් පවතී.
මමතා සහ විශ්වකර්මාට වයස අවුරුදු 13 ක දියණියක් සිටි අතර, ඇය ඇගේ මව සමඟ ෂාපූර් ප්‍රදේශයේ කුලියට ගත් මහල් නිවාසයක ජීවත් වූවාය. මමතා බැංකු පාරේ පෞද්ගලික සමාගමක සේවය කළාය.