සැමියා බිරුද පැහැරගත් හතරබීරි කතාව. (PHOTOS)

By Sithumi Apr 21, 2023 10:28 AM GMT
Sithumi

Sithumi

Report

මාස කිපයක විවාහය එපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු මැරයින් පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ හලාවත මානුවන්ගම ප්‍රදේශයෙ මව්පියන්ගේ නිවසේ සිටි 18 හැවිරිදි විවාහක කාන්තාවක් බවයි. මෙම පැහැර ගැනිමට ලක්වු තරුණිය හලාවත ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය හදාරමින් සිටියදී උපකාරක පංති වලට සහභාගි වෙමින් සිටියදී හදුනා ගත් තරුණයකු සමග හාද කමක් පවත්වා ඇති බවත් ඒ අනුව මව්පියන්ට හොර රහසේ දඹුල්ල ප්‍රදේශයෙ එම තරුණයා සමග නිවසට හොර රහසේ පැන ගොස් තිබු බව ප්‍රකාශ කළා.

අදාල පැහැර ගැනිම ඉකුත් 19 දින උදැසන සිදුව ඇති අතර එම පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාවගෙ විවාහක සැමියා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත මැරයින් පිරිසක් පැමින ඇති බව පරික්ෂණ වලදි හෙළිව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය පවසනවා.

කෙසේ නමුත් මෙම තරුණයා සමග විවාහ වී ඇති මෙම තරුණිය මාස කිපයක් පමනක් එකට දිවි ගෙවා ඇති නමුත් පසුව විවාහ වු 19 හැවිරිදි තරුණ සැමියා විසින් සිදුකළ හිරිහැර ඉවසා ගත නොහැකිව ඇති බවයි. තමන් පත්ව ඇති තත්වය පිළිබදව පසුව කඩිනමින් මව්පියන්ට දැනුවත් කර ඇති අතර ඔවුන් ලබා දුන් උපදෙස් මත පසුගිය මාර්තු 20 දින විවාහක සැමියා සමග මහනුවර නගරයට පැමින ඇති බවත් එයින් පසු  සැමියාට සැක නොසිතන ලෙස මගහැර මව්පියන් සමග ආපසු හලාවත මානුවන්ගම නිවසට පැමිණි ඇති බව පැවසෙනවා.

එසේ මව්පියන්ගේ නිවසේ රැදි සිටියදී අදාල විවාහක සැමියා තවත් පිරිසක් සමග වෑන් රථයකින් පැමින තම විවාහක බිරිද බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇති බව  පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබෙනවා. එම පැහැර ගැනිම සිදුවන අවස්ථාවේදි මෙම තරුණ කාන්තාවගෙ මව පමනක් නිවසේ සිට ඇති බවත් ඇයටද මෙම පිරිස පහර දී තරුණිය විලාප තබා කෑගසන විට පැහැර ගැනිම සිදුව ඇති බව ප්‍රකාශ කලා.

පැහැර ගැනිමට පැමිනි සැමියා හා අනිකුත් පිරිස හා පැහැර ගත් තරුණ කාන්තාව සොයා හලාවත මුලස්ථාන පොලිසිය මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ. හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් යු ගමගෙ මහතාගෙ උපදෙස් මත හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලියු .ඩි.එස් .පද්මකුමාර මහතා ඇතුළු පොලිස් නිළධාරින් කණ්ඩායමක් මේ වන විට අදාල පැහැර ගැනිම සම්බන්ධව පරික්ෂණ අරඹා තිබෙනවා.  


GalleryGallery