තම බිරිදගේ පතිවත පරීක්ෂා කරන්න මිතුරෙකුත් එක්ක කරපු දෙයක් නිසා සිදූවූ දේ...
සැමියා සිය භාර්යාව පරීක්ෂා කිරීමට උපයෝගී කරගත් මිතුරාට පොලීසි යාමට සිදුවීමේ ජංජාලයක් දකුණු පළාතෙන් අසන්නට ලැබෙනවා. භාර්යාව රුමත් . ඇය කා සමගත් සුහදශීලි. මාසයකට බොහෝ දින ගණනාවක් නිවසින් පිටව තමයි ඉන්නෙ.
සිය භාර්යාව කෙතරම් පතිවත රකිනවාද යන්න පරික්ෂා කිරීමට ඔහුට හිතුනා. ඒ නිසාම ඔහු තමා වැඩකරන ස්ථානයේ මිතුරකුට භාර්යාවගේ දුරකතන අංකය දුන්නා. ඒ සමගම ඔහු මිතුරාට පැවසුවේ තමන්ට සිය බිරිඳ පරික්ෂා කිරිම සඳහා මේ පියවර ගත් බවයි.
ඔහුගේ අනුදැනුම ඇතිව නිවාඩු පාඩුවේ සිටින අවස්ථාවලදී මිතුරා ඇයට දුරකතන ඇමතුම් ලබා දුන්නේ ඔහුට ඇසෙන පරිදි දුරකතනයේ ශබ්දය පිටතට ඇසෙන සේයි. දින කිහිපයක්ම මේ සිදුවීම සිදුවෙමින් තිබිණි.
සිය භාර්යාව මිතුරා සමග හාදවීමට අකමැති බව දැනගත් විට ඔහු බොහෝසේ සතුටට පත්වුණා. දින කිහිපයක්ම මිතුරා ඇයට දුරකතනයෙන් කතා කළ අතර තමාට ඇමතුම් ලබා නොදෙන ලෙස පැවසුවත් මිතුරා ඔහුගේ අනුදැනුම පරිදි තවදුරටත් ඇමතුම් ලබාදෙමින් කතා කළා.
මේ පිළිබඳව ඇය සිය සැමියා දැනුම්වත් කළත් ඔහු ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසාම ඇය තමාට දුරකතන ඇමතුම් දී අමුතු යෝජනා කරන පුද්ගලයා පිළිබඳව පොලීසි ගියේ ඔහුගේ දුරකතන අංකයද ලබා දෙමින් වැඩේ දුර දිග ගියා.
මිතුරාට පොලීසිය ඇමතුමක්ද දිනයක් නියම කර පොලීසියට පැමිණෙන ලෙස දන්වා සිටියා.ඔහුගේත් මිතුරාගේත් ඉහමොළ රත්වන්නට වූයේ මේ සමගමයි. තමාගේ වැඩෙන් මිතුරා අමාරුවේ වැටීම වළක්වාලීමට ඔහු භාර්‍යාවට සත්‍යම පැවසුව.
ඒ සමගම මේ සම්බන්ධයෙන් දමා ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසද කීවා. තමා දැමූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නට කිසිසේත්ම අකමැති වූ ඇය සැමියාටත් ඔහුගේ මිතුරාටත් හොඳ පාඩමක් ඉගැන්වීමට මෙය අවස්ථාවක් කර ගත්තේ ඔවුන් පිළිබඳ තිබූ කේන්තිය නිසායු.
මේ අනුව ඇයත්, ඔහුත්, මිතුරාත් පොලීසියට පැමිණියහ. ඔහු සියලු සත්‍ය තොරතුරු පොලීසියට පැවසුවේ නොකියාම බැරි තැනට වැඩ සිද්ධ වූ නිසාමයි.
සැමියාගේ කැමැත්තෙන් වුවත් කාන්තාවකට අයුතු බලපෑම් කිරිම සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හැකි වරදක් බව පොලීසිය පැවසීමත් සමගම තමා නිසා අලි අමාරුවක වැටී ඇති මිතුරා බේරා ගැනීමට ඔහු පොලීසිය ඉදිරියේ වැඳ වැටුණ
පොලීසියේ දැඩි අවවාද හමුවේ මිතුරා බේරුණත් භාර්යාව ඔහුගේ මුහුණවත් නොබලා පොලීසියෙන් පිටව ගියේ අනේ මේ වගේ මෝඩයෙක් මමත් කරකාරෙට ගත්තානේ කියා ගනිමින්.
- සිතුමි -
