සැමියා බිරිඳට ගිනි තබයි අති බිහිසුණු මරණයක්..මෙරටින් ඇසෙන අනුවේදනීය පුවතක්..

crime Puwarasankulam Katigapuram Vawniiya
By Sewvandhi Oct 15, 2021 02:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුවරසන්කුලම පොලිස් වසමේ කට්පගපුරම් ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳ ව ඝාතනය කළ සිදුවීමක් වාර්තා වෙනවා. සැමියා සහ බිරිඳ අතර ඇති වූ පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී, සැමියා විසින් බිරිඳ ව තල්ලු කිරීමෙන් මෙම අනතුරු සිදු වී තිබෙනවා.

අනතුරෙන් ඔළුව වැදී කාන්තාව සිහිසුන් වී ඇති අතර, සැකකරු විසින් කාන්තාවගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තබා ඇති බවයි වාර්තා වෙන්නේ. මරණකාරිය වයස අවුරුදු 43ක් වූ 04 වැනි පටුමඟ කට්පගපුරම් ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිදුවීමට සම්බන්ධ සැකකරු වයස අවුරුදු 46ක ඉහත ලිපිනයේ ම පදිංචිකරුවෙකු වෙන අතර, ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (15) දින සැකකරු වව්නියා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුවරසන්කුලම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර මීටියාගෙගොඩ - මැදදූව ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දී සිදු කළ ඝාතනයක් වාර්තා වෙන අතර, මියගොස් ඇත්තේ, වයස අවුරුදු 41ක පුද්ගලයෙක්. මොරටුව - එගොඩ උයන ප්‍රදේශයෙන් ද මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

බහින්බස් වීමක් දුරදිග යාමෙනු යි එම ඝාතනය සිදු වී ඇත්තේ. මියගොස් තිබෙන්නේ, වයස අවුරුදු 71ක පදිංචිකරුවෙක්. වයස අවුරුදු 26ක සිද්ධියට සම්බන්ධ සැකකරු අද (15) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එගොඩ උයන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.
වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.