කැනඩාවේ 1,40000කට අඳුර ගෙනා සුළි කුණාටුව.

By Hashini Sep 17, 2023 03:21 AM GMT
Report

කැනඩාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති ලී සුළි කුණාටුව හේතුවෙන් එක් ලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසක් විදුලිය විසන්ධි වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, පැයට කිලෝමීටර 100කට අධික වේගයෙන් හමාගිය තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් සහ ජල ගැලීම් වාර්තා වී ඇති බවයි.

එරට කාලගුණ අංශ විසින් ජනතාවට දැනුම් දී ඇත්තේ, සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ලැබෙමින් පවතින අතර, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.