මෙරට හදිසි තත්වය ගැන මානව හිමිකම් කොමිසමෙන් රතු එලියක්

sri lanka covid 19 Humman rights
By Sithumi Sep 13, 2021 01:22 PM GMT
Sithumi

Sithumi

Report

ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ මේ යටතේ සිවිල් කටයුතුවලදී ද හමුදාවේ කාර්යභාරය තවදුරටත් පුළුල් කිරිමේ හැකියාව පවතින බවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මේ බව ප්‍රකාශ කළාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ජිනීවා නුවරදී ආරම්භ වූ අතර එහිදී මිෂෙල් බැෂලේ මහත්මිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් පිළිබද වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවාය. 

එහිදී ඇය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ සාමකාමී විරෝධතා හා සැමරුම් සිදුකරන පුද්ගලයින් රාජ්‍ය බලය යොදවා අත්අඩංගුවට ගැනීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ බලහත්කාරයෙන් රඳවා තබාගැනීම ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති බවය.

ඊට අමතරව 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු පිළිබඳව නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම පිළිබදවද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය මෙහිදී සිය වාචික වාර්තාව මගින් අවධානය යොමුකර තිබුණි.