ලිංගික නිර්ණායන් වෙනස් වෙයි..මිනිසා වඳවී යාමේ අවදානමක්

By Aruna Aug 25, 2024 07:09 AM GMT
Report

මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජනවී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

පසුගිය වසර මිලියන 166 තුළ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවයි, අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් අනාවරණය වී ඇත්තේ.

ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි..දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක්..

ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි..දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක්..


ඒ වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයක් බවයි පැවසෙන්නේ.

ඒ අනුව විද්‍යාඥයින් මත පළකරන්නේ, වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතින බවයි.

ඒ අනුව මානවයාගේ නව ලිංගික ජානයක් පරිණාමය නොවුවහොත් වසර මිලියන ගණනක් තුළ මිනිසා වඳවී යාමේ අවදානමක් පවතින බවයි විද්‍යාඥ මතය වී ඇත්තේ.