ඩිජිටල් එන්නත් හැඳුනුම්පත ලබා ගන්නේ මෙහෙමයි..ඔබත් දැනුවත්ද..?
covid19
vaccine card
vccination
epidunitcmc@gmail.com
dinuka guruge
By Sewvandhi
කොළඹ 01 සිට 15 දක්වා පදිංචිකරුවන් සඳහා ඩිජිටල් එන්නත් සහතිකයක් ලබා ගන්නා ආකාරය පිළිබඳව කොළඹ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය විසින් Twitter පණිවිඩයක් තබා තිබෙනවා.
ඒ අනුව පහත පියවර අනුගමනය කිරීම මඟින් ඔබගේ ඩිජිටල් එන්නත් සහතිකය ලබාගත හැකියි.
පහත තොරතුරු epidunitcmc@gmail.com වෙත යොමු කරන්න
1) ඔබේ එන්නත් පත්‍රයේ දෙපස
2) ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ දෙපැත්ත
3) ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය
ඉන් පසුව ඔබගේ එන්නත්කරණ ඩිජිටල් ස්තිය සහතිකය තැපෑල හරහා නිවසටම යොමුකරන බවයි එම සටහනේ දැක්වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

