දවසට කෝපි කෝප්ප 3ක් බිව්වොත් ඔබේ ජීවිතය අනතුරේ

exercise coffee caffeine relaxing checkup
By Sewvandhi Oct 14, 2021 01:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

High Blood Pressure එහෙමත් නැත්නම් අධි රුධිර පීඩනය කියන්නේ මේ වෙනකොට ලෝකයේ බොහෝ පිරිසක් ගොඳුරු වෙලා ඉන්න රෝගයක්.මේ රෝගය ඇති වෙන්න එක හේතුවක් නැහැ.හේතු ගොඩක් තියෙනවා.රුධිර නාලිකා වලට හානි වීම, ඒවා සිහින් වීම, පිපිරීම වගේ දේවල් Pressure නිසා ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම ඉහළ රුධිර පීඩනය නිසා මොළේට යන ධමනි වල රුධිර කැටි ඇති වෙලා, ඒවායින් රුධිරය ගැලීම අවහිර වෙලා ආඝාත තත්ත්ව පවා ඇති වෙන්නත් ඕනේ තරම් ඉඩ තියෙනවා.හැබැයි ඔයාටම පුළුවන් මේ රෝගය ඇති වෙන්න කළින් වලකවාගන්න. කියන්නම්.

දවසට කෝපි කෝප්ප 3ක් බිව්වොත් ඔබේ ජීවිතය අනතුරේ | How To Effect Coffee For Human Body

අධික බර අඩු කරගමු

ඔයාගේ බර වැඩියි නම් අනිවාර්යෙන්ම බර අඩු කරගන්න ඕනේ .මොකද බර අඩු කරගන්න එක pressure එකට විතරක් නෙමෙයි ඕනෙම ලෙඩක් ඇති වීම වලක්වන්න පුළුවන්.ඒ වගේම සෞඛ්‍යමත්ව ඉන්න පුළුවන්.ඒ නිසා ඔයාගේ බර උසට සරිලන විදිහට නැත්නම අනිවාර්යයෙන්ම උසට සරිලන විදිහට බර හදාගන්න.මොකද ශරීරයේ අධික බර තියෙනකොට අධි රුධිර පීඩනය විත්රක් නෙමෙයි තව රටේ නැති ලෙඩ හැදෙනවා. මාසෙකට සැරයක්

Checkup එකක් කරගන්න

ඔයාට දැනුවත්ව ලෙඩක් තිබුනත් නැතත් මාසෙකට සැරයක් Checkup එකක් කරගන්න.මොකද අපේ ශරීරය හැමදාම එකම වගේ තියෙන්නේ නැහැනේ.විවිධ වෙනස්කම් වලට ලක් වෙනවා.ඒ නිසා තියෙන අසනීප වලට අමතරව තවත් රෝගී තත්වයන් තියෙනවද කියලා Checkup එකකින් හොයාගන්න පුළුවන්.ඒ නිසා නිරන්තරයෙන් පවුලේ වෛද්‍යවරයා හරි එහෙමත් නැත්නම් ඔයා සාමන්‍යයෙන් ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයා හරි හමුවෙලා නිතරම වෛද්‍ය පරීක්ෂාවක් කරගන්න.

දවසට කෝපි කෝප්ප 3ක් බිව්වොත් ඔබේ ජීවිතය අනතුරේ | How To Effect Coffee For Human Body

මත්ද්‍රව්‍ය සහ කැෆේන් ගැනීම සීමා කරන්න

මෙතැනදී විශේෂයෙන්ම දුම්බීම ගැන තමයි කියන්න ඕනේ.මොකද බොන හැම සිගරට් එකක්ම Blood Pressure වැඩි කරන්න දායක වෙනවා. ඒ නිසා ඔයා දුම්බීමට ඇබ්බැහි වුණු කෙනෙක් නම් දුම්බීම නවත්තන එක ඇඟට ගුණයි. ඒ වගේම කැෆේන් කියන්නෙත් Blood Pressure වැඩි කරන්න පුළුවන් දෙයක්.හැබැයි ගොඩක් වෙලාවට නිතරම කෝපි වගේ දේවල් බොන අය පරිස්සම් වෙන්න ඕනේ.මොකද වෛද්‍යවරු කියන විදිහට අධික ලෙස කැෆේන් සහිත දේවල් ශරීරයට එකතු වෙන එකෙන් Blood Pressure ඇති වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩි.ඒ නිසා කෝපී වගේ දේවල් නිතරම හරි හැමදාම හරි බොනවා නම් ඒක නවත්තන්න.දවසකට එක කෝපි කෝප්පයක් හොඳටම ඇති.හැබැයි ඊටත් වඩා අඩු කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි.

Stress අඩු කරගමු

මේක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.දැන් ඉන්න ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ ඉතින් Stress එක තමයි.වැඩ වැඩි වුණහම, වැඩ Balance කරගන්න බැරි වුණාම, ගෙදර ප්‍රශ්න වලිනුයි office එකේ ප්‍රශ්න වලිනුයි ඔලුව පිරුණාම Stress වෙනවා.ඒ නිසා වැඩ පටලවා ගන්නේ නැතුව දවස හරියට සැලසුම් කරලා, කරන්න පුළුවන් වැඩ ටික විතරක් කළොත් දවස Stress නැතුව ගත කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න ඇතිවෙනකොට වුණත් ඒ දේවල් වලට තනියෙන් උත්තර හොයන්න ගිහින් Stress වෙන්නේ නැතුව කියන්න උත්තරයක් ලැබෙයි කියලා හිතෙන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න.

දවසට කෝපි කෝප්ප 3ක් බිව්වොත් ඔබේ ජීවිතය අනතුරේ | How To Effect Coffee For Human Body

දිනපතා ව්‍යායාම කරන්න

අපිට තියෙන busy life එකත් එක්ක අපිට ව්‍යායාම කරන්න ඇත්තටම වෙලාවක් නැහැනේ.ඒ නිසා ඔයාට පුළුවන් උදේට වෙනදා නැගිටින වෙලාවට පැය භාගයකට කලින් නැගිටලා ඒ විනාඩි 30 ව්‍යායාම කරන්න.ව්‍යායාම කරන එකෙන් pressure පාලනය වෙනවා විතරක් නෙමෙයි සිරුරේ හැඩය පවත්වා ගන්න පුළුවන්. ඉතින් ඔයත් නිරෝගිව ඉන්න කැමති නම් අද Be Happy කිව්වා දේවල් අනුගමනය කරලා බලන්නකෝ .මේ දේවල් අනුගමනය කරන්න ඔයාට pressure තියෙන්නම ඕනේ නැහැ .  


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු With ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.


වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.