අගෝස්තු මස 01 වෙනිදා සිට පාසල් පැවැත්වෙන ආකාරය.

Ministry of Education Government Of Sri Lanka
By Wayomi Jul 30, 2022 08:34 AM GMT
Wayomi

Wayomi

Report

දිවයිනේ සියලුම රජයේ හා රජයේ අනුමත පාසල් එළැඹෙන අගෝස්තු මස 01 වැනි දින සිට පෙර සතියේ පැවැත්වූ ආකාරයටම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (30) අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් සමග අධ්‍යාපන - පාසල් බලධාරින් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ රැස්වීමකදියි ප්‍රකාශ කරනු ලැබුවා.

පාසල් සතියකට දින 03ක් පමණක් පැවැත්වෙන අතර, සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා ඒ දින වනවා.

සෙසු දිනයන්හිදී නිවෙස්ගත මාර්ග අධ්‍යයනයට දරුවන් යොමු කරන ලෙසට ද දැනුම්දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW