ඉවසන්න...ඉවසන්න...ඉවසලම වැඩ කරන්න...නැතිනම් අමරුවේ...අද දවස ඔබට කොහොමද ?
2025.02.26
මේෂ
තරමක් අවිවේකි බව දෙයි. එබැවින් කලබල ගති ඇති වෙයි. ක්‍ෂණික තීරණ ගනී. නමුත් දෙවරක් සිතා බලා ක්‍රියාකළ යුතු අතර දුර ගමන් බිමන් ද යෙදේ. රාජකාරිවලදී කැපීපෙනෙයි. සන්ධි ප්‍රදාහ රෝග, උෂ්ණ රෝග මතුකරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: රතු
මිථුන
ක්‍රියාකාරි දිනකි. නව නිර්මාණකරණයට හේතුයි. ලිපි ලේඛන කලාවෙන් ජයගෙන දෙයි. සමාජ සද්කාරක ක්‍රියාවන්හිද යෙදේ. ආගමික වතාවත් කිරීම්, සැලසුම් කිරීමට හේතුයි. රක්ත වාත රෝග, කුෂ්ඨ රෝග මතුවේ. ජය අංකය: 03 ශුභ වර්ණය: කොළ
සිංහ
ක්‍රියාකාරි දිනකි. වෙළෙඳ ව්‍යාපාරවලට තිබූ බාධා ඉවත් කර ගැනීමේ ශක්තිය ඇති වෙයි. පොළවෙන් ලබන ලාභ ලැබීම් ඇතිවෙයි. විදෙස් ගමන් සඳහා යොමු වීමට අවශ්‍ය ක්‍රියා කිරීම් ශුභයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවෙයි. ජය අංකය: 01 ශුභ වර්ණය: දම්
තුලා
ක්‍රියාකාරි දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් මතු වෙයි. තමන් විවේචනයට ලක්වෙයි. දුරදිග බලා තීන්දු තීරණ ගැනීම මැනවි. ගමන් බිමන් යෙදේ. ඉතා ප්‍රවේශමෙන් ක්‍රියාකළ යුතු අතර සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: සුදු
ධනු
දවස තරමක් අවිවේකී බවක් ගෙන දෙයි. රාජකාරිවලදී කැපීපෙනේ. අන් අය වෙනුවෙන් උපදෙස් උපකාර කරයි. කෙටි ගමන් බිමන් යෙදේ. අමතර ලාභ ගෙන දෙයි. මූල රෝග, භගන්දර රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: නිල්
කුම්භ
සතුරු බලපෑම් යටපත් කර ඉදිරියට යෑමේ ශක්තිය ඇති කරයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් ඇති වෙයි. විදෙස් ගමන් සඳහා අවශ්‍ය සාධක යොමුවේ. අමතර ලාභ ගෙන දෙයි. කාස ස්වාස රෝග මතු කරයි. ජය අංකය: 04 ශුභ වර්ණය: කහ
වෘෂභ
දුර ගමන් යෙදේ. තම ක්‍රියාකාරකම්වල ජය ගෙන දෙන දිනකි. සතුරු බලපෑම්වලින් ජයගත හැකි අතර අමතර වියපැහැදම් ගෙනෙන දිනකි. අමතර ලාභ ද ලබයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි. ජය අංකය: 04 ශුභ වර්ණය: ක්‍රීම්
කටක
ක්‍රියාශීලි දිනකි. දහමට යොමු කරවන ක්‍රියාකාරකම් යෙදේ. අසල්වැසි සබඳතා වර්ධනය කරයි. වැයපස ඉහළ යයි. අන්සතු දේපළ උරුමයකට හේතු මතුකර දෙයි. හදිසි ලාභ දේ. සිරසගත රෝග මතු කරයි. ජය අංකය: 07 ශුභ වර්ණය: රෝස
කන්‍යා
ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකි බැවින් අතපසුවීම් ඇතිවෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු අතර තම අඩුපාඩු විවේචනයට හේතු බැවින් බුද්ධිමත් විය යුතුය. හදිසි ධන ලාභ ද ලබයි. සෙම් කෝප රෝග මතු කරයි. ජය අංකය: 06 ශුභ වර්ණය: රන්වන්
වෘශ්චික
ඍජු ගුණයෙන් ක්‍රියාකරයි. ඇසුරු කරන්නන් අතර මතභේද පැනනඟී. අපක්‍ෂපාතිව තීරණ ගත යුතු දිනකි. බන්ධු වර්ගයා උදෙසා තරමක් වැයපස ඉහළ යයි. ඉවසීම මැනවි. උදරාබාධ, මූල රෝග මතුවේ. ජය අංකය: 09 ශුභ වර්ණය: දුඹුරු
මකර
ශුභවාදී ඵල ගෙන දෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. යටපත්ව තිබූ ණය ගනුදෙනු යහපත් ලෙස විසඳේ. ව්‍යාපාරවලින් ජය ගෙන දෙයි. අම්ල පිත්ත රෝග, සන්ධි රෝග මතුවේ. ජය අංකය: 08 ශුභ වර්ණය: දම්
මීන
ව්‍යාපාර කටයුතුවලින් ජය ගෙන දෙයි. කෙටි ගමන් බිමන් ද යෙදේ. ආගමික වතාවත් උත්සව සංවිධානයට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ප්‍රීති උත්සව සාද යෙදේ. මුඛ රෝග, දන්ත රෝග, නේත්‍ර රෝග මතුවේ. ජය අංකය: 05 ශුභ වර්ණය: ළා රතු
