රටේ ඖෂධ හිඟය ගැන විශේෂ නිවේදනයක්

Chickenpox Hospitals in Sri Lanka Office of Public Health Medicines Sinhala news
By Kaushi May 16, 2025 04:48 PM GMT
Kaushi

Kaushi

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ පැපොල රෝගයේ අසීමිත පැතිරයාමක් පිළිබඳව සහ පැපොල රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟතාවක් පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධවයි.

කොටහේන ආයෙත් ඇවිලෙයි

කොටහේන ආයෙත් ඇවිලෙයි

ඒ අනුව නිවේදනයේ සඳහන් වන්නේ පැපොල රෝගයේ අසීමිත පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවයි.

තවද පැපොල රෝගය වැළඳුණු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිඟයක් රජයේ රෝහල්වල නොමැති බවත් එහි සඳහන්.

මෙහි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පැපොල රෝගයට වූ එන්නත්කරණයක් රජයේ රෝහල් පද්ධතියෙන් මේ වන තෙක් සිදු නොකෙරුණු බව සහ එවැනි අවශ්‍යතාවක්ද මතු නොවනු ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරන්නේ මේ වන තෙක් රජයේ රෝහල්වල නොතිබුණු ඖෂධයක් යොදා ගෙන එහි ක්ෂණික හිඟයක් ඇති වූ බව පෙන්වමින් රට තුළ ඖෂධ හිඟයක් මවා පෑමට මෙසේ මාධ්‍ය වාර්තා නිර්මාණය කරන බවයි.

කොන්ජුරියන් හොල්මන් චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

කොන්ජුරියන් හොල්මන් චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

එසේම එම නිවේදනයේ ජනතාවට ලබා දිය යුතු ඖෂධ කිසිදු හිඟයකින් තොරව දැනටමත් මෙරට තුළ පවතින බව ද සඳහන් විය.

ඒ අනුව අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා දීමට රජය කටයුතු කරන බවත් එහි වැඩිදුරටත් සඳහන්. 

ReeCha