කොටහේන ආයෙත් ඇවිලෙයි

Report

මීට සුළු මොහොතකට පෙර කොටහේනේ ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව ඇත.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මහින්දානන්දව අත්අඩංගුවට ගන්න වරෙන්තු

මහින්දානන්දව අත්අඩංගුවට ගන්න වරෙන්තු

කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් තුළ අඳාළ වෙඩි තැබීම සිදු වූ බවට වාර්තා කරයි.

වෙඩික්කරු අඳාළ නිවස තුළට ඇතුළු වී වෙඩි තබා පළා ගොස් ඇති බවට පොලීසිය ප්‍රකාශ කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව වයස අවුරුදු 67 ක තැනැත්තියක් වන අතර පිරිමි පුද්ගලයා වයස අවුරුදු 42 පසුවන්නෙක් බව එහි දී වැඩිදුරටත් සඳහන් විය.

අලාභයෙන් කියන්න හදන්නේ ලයිට් බිල වැඩිකරනවා කියල ද?

අලාභයෙන් කියන්න හදන්නේ ලයිට් බිල වැඩිකරනවා කියල ද?

ඒ අනුව තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත බවයි.