වෛද්‍යවරයෙක්ගේ විදෙස්ගත වීම නිසා රෝහලකට සිදු වූ දේ.
Sri Lanka
Hospitals in Sri Lanka
By krishani
රත්නපුර - කහවත්ත රෝහලේ අක්ෂි වෛද්‍යවරයා විදේශගත වීමෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් විශාල පිරිසක් මේ වන විට අසරණ වී ඇති බව වාර්තා වේ.
ඒ කහවත්ත, ගොඩකවෙල, ඕපනායක, පැල්මඩුල්ල, බලංගොඩ, වැලිගෙපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වන රෝගීන් ය.
මෙම රෝහලේ අක්ෂි සායන සතියට දින හයක් පත්වන අතර, දිනකට සැත්කම් 150ක් 200ක් අතර ප්‍රමාණයක් ද සිදු කරයි.
ඒ හේතුවෙන් පසුගිය මස එම රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා විදේශගත වීම නිසා අක්ෂි රෝගීන් දැඩි අපහසුතාවයට පත් වී තිබෙනවා.
කෙසේ වෙතත්, එම රෝගීන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම රෝහලට අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු ලබාදෙන මෙන් ය.
