උන් හිටිතැන් අහිමි මැති ඇමතිවරුන්ට නිවාස..? ජනපතිගෙන් උපදෙස්..!
ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස්දී තිබෙනවා.
මැති ඇමැතිවරුන් 55 දෙනකුට අයත් නිවාස ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාර වලින් සහ ගිනි තැබීම්වලින් පසුගිය දිනවල විනාශයට පත්විය. මෙයට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම අමතර ආරක්ෂකයන් හයදෙනකු ලබාදීමටද තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ජනපති මන්දිරයේදී අද පෙරවරුවේ පැවති හමුවේදී මේ බව අනාවරණය කෙරිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |