වහාම ක්රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් - පොලිස්පතිගෙන් නිවේදනයක්
වහාම ක්රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනමකට ලක් කර ඇති බව පොලිස්පතිවරයා නිවේදනය කර තිබෙන බව වාර්තා වේ. ඒ සිය රාජකාරි පැහැර හැරීම හේතුවෙන් බව සඳහන්.
මෙම විනය ක්රියාමාර්ගය ගෙන ඇත්තේ හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
එමෙන්ම සැකකරුගේ මරණයට අදාළව රාජකාරී අතපසු වීම් සහ වගකීම් පැහැර හැරීමක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලින් පසුව මෙම තීරණය ගෙන තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක බව සඳහන්.