ජපානයට අඩි 4 සුනාමි රළ - දුම්රිය ගමන් අත්හිටුවයි
By Shehan
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ජපානයේ හොක්කයිඩෝ (Hokkaido) ප්‍රදේශයට සුනාමි තත්ත්වයක් ඇතිවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
දේශීය වේලාවෙන් පෙරවරු 10:30ට පමණ සුනාමි රළ පැමිණි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
එම රළ මීටර් 4ක් පමණ උසට නැඟී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
මෙම සුනාමි තත්ත්වය හේතුවෙන් ජපානයේ දුම්රිය සේවාවන්ට බාධා එල්ල වී ඇති බව ජපන් මාධ්‍ය වාර්තා කර ඇත.
විශේෂයෙන් ටොකයිඩෝ (Tokaido) සහ ජොබාන් (Joban) දුම්රිය මාර්ග ඇතුළු ප්‍රධාන දුම්රිය සේවාවන් තාවකාලිකව අත්හිටුවා ඇත.
මෙම තත්ත්වය හමුවේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂිත පියවර ගනිමින් වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙසයි.