නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ඉතිහාසය සහ සෞන්දර්යය විෂයන් ඉවත් කර නැහැ - හරිනි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ඉතිහාසය සහ සෞන්දර්යය ඉවත් කර ඇති බවට කරන ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශ බව අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව බස්නාහිර පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් අගමැති හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළේ අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලන වාසි සඳහා යොදා නොගත යුතු බවයි.
ඇය වැඩිදුරටත් පැවසුවේ,
“ඇත්ත වශයෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉතිහාසය, සෞන්දර්යය සහ වෘත්තීය අධ්‍යයනය වැනි විෂයයන් හැදෑරීම අනිවාර්ය කර ඇත. කෙසේ වෙතත්, ඇතැම් පාර්ශවයන් ජාතික අධ්‍යාපන සැලැස්ම නිසි ලෙස අධ්‍යයනය නොකර ඉතිහාසය සහ සෞන්දර්යය යන විෂයයන් ඉවත් කර ඇති බවට අසත්‍ය තොරතුරු පතුරුවමින් සිටිති. මෙම ප්‍රතිසංස්කරණ සකස් කර ඇත්තේ විෂය විශේෂඥයින් සමඟ පුළුල් සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය, සෑම සිසුවෙකුටම ඉතිහාසය සහ මානව වටිනාකම් වැඩි දියුණු කරන සෞන්දර්ය විෂයයන් හැදෑරීමට අවස්ථාව ලැබෙන බව සහතික කිරීමේ අරමුණින් ඉදිරියට යමින්. අපට දේශපාලනය කළ හැකිය, නමුත් අධ්‍යාපනය සහ දරුවන්ගේ අධ්‍යාපනය ඒ තුළට ඇද නොගන්න,”
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් මෙම විෂයයන් අධ්‍යයනය කළ යුතු ආකාරය පැහැදිලිව දක්වා ඇති බවත්, එක් ක්ෂේත්‍රයකට සීමා නොවන හොඳින් පුහුණු වූ සිසුන් බිහි කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් අගමැතිනි හරිනි අමරසූරිය තවදුරටත් පැවැසුවා.
මෙම ප්‍රතිසංස්කරණ සිදු කරන ලද්දේ අවබෝධයෙන් සහ දැනුවත්භාවයෙන් යුතුව බව පැවසු ඇය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් සියලු දෙනාගෙන්ම සමාජයට සත්‍යය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියා.
