ආයෙත් සුදු වෑන් සෙල්ලම පටන් අරන් - පාසල් සිසුවෙක් පැහැරගෙන

Report

කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු, රත්නපුර ප්‍රදේශයේදී එම වෑන් රථයෙන් පැන සිය දිවි රැක ගැනීමට සමත්වී ඇත.

මාලිමා ආණ්ඩුවට හෙන ගහනවා - හරිනි එක්ක ප්‍රසිද්ධ විවාදයකට මම ලෑස්තියි - නිර්මාල් දේවසිරි

මාලිමා ආණ්ඩුවට හෙන ගහනවා - හරිනි එක්ක ප්‍රසිද්ධ විවාදයකට මම ලෑස්තියි - නිර්මාල් දේවසිරි

සිසුවා පැහැරගැනීමේ සිදුවීම සම්බන්ධව, වෑන් රථය සහ එමඟින් ගමන් කළ පුද්ගලයින් සොයාගැනීම සඳහා කහතුඩුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සිසුවා, පිළියන්දල ජාතික පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද අනාවරණය වේ.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සිද්ධිය සිදු වූයේ ඊයේ (ජූලි 16) සවස 4.00ට පමණය.

ඔහු අමතර පන්තියකට සහභාගි වීමට පාපැදියෙන් යමින් සිටියදී, කහතුඩුව සරණ තිස්ස මාවතේ සුසාන භූමිය අසළදී සුදු පැහැති කුඩා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ඔහු පාපැදිය සහිතව පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසියට පවසයි.