ගණිකා වෘත්තිය කඩිනමින් නීතිගත කිරීම ගැන හිරුණිකාගෙන් ප්‍රකාශයක්..ජාතික ජන බලවේගය හිරුණිකාට කැමති වෙයි ..?

Parliament of Sri Lanka Hirunika Premachandra Samagi Jana Balawegaya Harini Amarasuriya
By Aruna Feb 29, 2024 02:24 AM GMT
Aruna

Aruna

Report

මෙරට තුළ ගණිකා වෘත්තිය නීතිගත කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ආ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය යෝජනා කර සිටිනවා.

ඇය සඳහන් කළේ, මෙරට ගණිකා වෘත්තීය තහනම් කර ඇති ආඥා පනත අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකින් හැකියාව ඇති බවයි.

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පැමිණෙන තෙක් ඒ සඳහා බලා සිටිය යුතු නැති බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩි දුරටත් කියා සිටියේ.

එය පහසුවෙන්ම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා සිදු කළ හැකි බවයි හිටපු මන්ත්‍රීවරිය ප්‍රකාශ කර සිටියේ.

හිරුණිකා ප්‍රේමචන්ද‍්‍ර මහත්මිය මෙම අදහස් පළ කළේ, ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ගණිකාව වෘත්තිය සම්බන්ධයෙන් නීති සංශෝධනය කරන බවට අමරසූරිය මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.