අධිවේගී අන්තර්ජාල පහසුකම් නුදුරේදී ම

Internet
By Thaya Apr 10, 2021 06:50 PM GMT
Report

අසීමිත අන්තර්ජාල සේවා සැපයීම සඳහා අදාළ සේවා සපයන ආයතන විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත සැලසුම් ඉදිරිපත්කර ඇති බව වාර්තා විය. එළඹෙන සතියේදී අසීමිත අන්තර්ජාල සේවා සැපයීම සඳහා වන පැකේජ හඳුන්වා දීමට නියමිත බව සඳහන් වේ. අන්තර්ජාල සේවා සපයන ආයතන විසින් ලබාදී ඇති සැලසුම් නැවත සලකාබැලීමෙන් අනතුරුව ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය. ඒ අනුව ජංගම දුරකථන පාරිභෝගිකයින් සඳහා අධීවේගී අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව ලබාදීමට ද හැකියාව ලැබෙනු ඇති බව වාර්තා වේ.