යාපනයේ අධි ආරක්ෂිත ඉඩම් අක්කර 80කට අද සිදු වූ දේ.
By Wayomi
පලාලි අධි ආරක්ෂිත කලාපය තුල පිහිටි රාජ්‍ය නොවන ඉඩම් අක්කර 80.14 ක භූමි ප්‍රමාණයක ඉඩම් අද (3) එහි නීත්‍යාණුකූල හිමිකරුවන් වෙත බෙදාදුන් බව යුද හමුදාව සඳහන් කරනවා.
ඒ, 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුවයි.
මේ අනුව පලාලි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 12.14 ක්, පලාලි අධිආරක්ෂිත කලාපයේ තෙලිප්පලෛ ග්‍රාම නිලධාරී වසමේ පර්චස් 0.72, කන්කසන්තුරේ මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 50.59ක් සහ මයිලඩි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 16.55 ක ප්‍රමාණයකට අදාල නීත්‍යානුකූල ලිපිලේඛන අද යාපනය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංකේතාත්මතව ප්‍රදානය කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |