ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් දරුණු අනතුරු ඇඟවීමක්

Report

පවතින කාලගුණික තත්ත්වය සමඟ ප්‍රභල ලකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් මහජනතාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එම නිවේදනය අද (20) රාත්‍රී එකොළහයි තිහ දක්වා වලංගු වන බවට එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම නිවේදනයට අනුව ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මුළු රටටම කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

මුළු රටටම කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ජපානයේ සංචාරය සහ සී ෆුඩ්වලට තහනමක්

ජපානයේ සංචාරය සහ සී ෆුඩ්වලට තහනමක්