බෙල්ලන්විල අවන්හල් හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට
බෙල්ලන්විල ප්රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නවගමුව ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
බෙල්ලන්විල ප්රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී එල්ල වූ මෙම වෙඩි ප්රහාරයෙන් බරපතල තුවාල ලැබූ 55 හැවිරිදි අවන්හල් හිමිකරුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පොලීසිය මඟින් වැඩිදුර ප්රශ්න කිරීම් සහ විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.