ජපානයේ සංචාරය සහ සී ෆුඩ්වලට තහනමක්

By Kaushi Nov 20, 2025 01:21 AM GMT
Report

චීනය හා ජපානය අතර මේ වනවිට උද්ගතව තිබෙන රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් මධ්‍යයේ, ජපානයෙන් මුහුදු ආහාර ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට චීනය කටයුතු කර ඇති බව වාර්තා වේ.

පසුගිය 2023 වසරේ දී ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී ජලය මුහුදට මුදාහැරීමෙන් අනතුරුව එම වසරේදීම බීජිං පරිපාලනය මඟින් ජපානයෙන් සමුද්‍රීය නිෂ්පාදන ආනයන සීමාවන් පනවා තිබුණා.

එහෙත් අඳාළ තහනම සීමාවන්ට යටත්ව ඉවත්කිරීමට චීනය ඉකුත්දා කටයුතු කර තිබුණා. චීනය ජපානයේ ප්‍රධානම මුහුදු ආහාර අපනයනකරුවා වේ.

එවැනි පසුබිමක ජපාන වත්මන් අගමැති සනඑ තකඉචි විසින් සිදුකළ ප්‍රකාශයක් නිසා මේ වන විට දෙරට අතර රාජතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්

ඒ අනුව ජපාන අගමැතිනිය ඉකුත්දා සඳහන් කර තිබුණේ, චීනය මඟින් තායිවානයට ප්‍රහාරයක් එල්ල කළහොත් තම රටේ ආත්මාරක්ෂාව සඳහා තම හමුදා හරහා ඊට ප්‍රතිචාර දක්වන බවයි.

එම ප්‍රකාශය මත මෙම මතභේදාත්මක තත්ත්වය ඇතිව තිබෙනවා.

එසේම අඳාළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස චීනය මේ වනවිට ජපානයට බලපෑම් කර ඇති බව සඳහන් වුවත් ජපානය පවසන්නේ තමන් සිය ස්ථාවරයේම සිටින බවයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරියගේ එම ප්‍රකාශයට විරෝධය පළකිරීමක් වශයෙන් චීනය සිය ජපාන තානාපතිවරයා යළි කැඳවීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර ජපානයේ සංචාරයේ කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය සිය පුරවැසියන්ට දැනුම්දීමක් ද සිදුකර තිබෙන බව සඳහන්.

කටුනායකට ආ ගුවන් යානා 3ක් හරවා යවයි ගොඩබාන්න බෑලු

කටුනායකට ආ ගුවන් යානා 3ක් හරවා යවයි ගොඩබාන්න බෑලු

ලංකාවේ වාහන ආනයනය අහස උසට යයි - ඒ අස්සේ ලැම්බෝගිනියකුත් ගෙනත්

ලංකාවේ වාහන ආනයනය අහස උසට යයි - ඒ අස්සේ ලැම්බෝගිනියකුත් ගෙනත්