හයිලෙවල් පාරේ යතුරුපැදි වලින් අනතුරුදායක ලෙස වැඩ දාපු තරුණයින් 18 ක් අත් අඩංගුවට
හයිලෙවල් මාර්ගයේ යතුරුපැදි වලින් අනතුරුදායක ලෙස වැඩ දාපු තරුණයින් 18 ක් අත් අඩංගුවට හයිලෙවල් මාර්ගයේ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අනතුරුදායක ලෙස යතුරුපැදි තරග පැවැත්වූ තරුණයින් 18 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.
තවද මෙහිදී යතුරුපැදි 11ක් සහ ත්‍රි රෝද රථයක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම පිරිස මහරගම, හෝමාගම, කොට්ටාව සහ මත්තේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
එම තරුණයින් පිරිස වට්ස්ඇප් සමූහයක් හරහා මෙලෙස සංවිධාන කර ඇති බව වාර්තා වේ .
අධිබලැති යතුරුපැදි කිහිපයක් ද මේ සඳහා යොදාගෙන තිබූ බවත් ඒවා මාර්ගවල ධාවනය සඳහා බලපත්‍ර නොමැති බවයි පොලීසිය සදහන් කරයි .
ඒ වගේම අධික ශබ්ද නංවමින් අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 13 දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.