අද රුපියලට සිදු වුනු දේ මෙන්න

Report

අද (ජූලි 09) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී ඇත.

සෙලාන් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත රු. 296.85 සිට රු. 297.10 දක්වා සහ රු. 303.35 සිට රු. 303.60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාත රු. 296.75 සිට රු. 297.75 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාත රු. 303.25 සිට රු. 304.25 දක්වා ඉහළ ගොස් තිබේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාත රු. 298.03 සිට රු. 297.54 දක්වා සහ විකුණුම් අනුපාත රු. 305.30 සිට රු. 304.79 දක්වා පහත වැටී ඇති බවයි.

කොමර්ෂල් බැංකුවේ, ඇමරිකානු ඩොලරයක මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රුපියල් 295.80 සිට රුපියල් 295.30 දක්වා සහ රුපියල් 304.25 සිට රුපියල් 303.75 දක්වා අඩු වී තිබේ.

සම්පත් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 297.75 සිට රුපියල් 297.50 දක්වා සහ විකුණුම් අනුපාතිකය රුපියල් 304.25 සිට රුපියල් 304 දක්වා අඩු වී තිබේ. 

ප්‍රකාශයක් දෙන්න වෙන බයට සුජීව රටින් පැනලා

ප්‍රකාශයක් දෙන්න වෙන බයට සුජීව රටින් පැනලා