අයර්ලන්තයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය මෙන්න...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නියමිත තරග සංචාරය වෙනුවෙන් තෝරාගත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය අද (03) වැනිදා පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම සංචිතයට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අනුමැතිය දී ඇති අතර, චමරි අතපත්තු මෙහි නායකත්වය දරනු ලැබේ.
ශ්‍රී ලංකා - අයර්ලන්ත තරගාවලිය විස්සයි 20 තරග 02කින් හා එක්දින තරග 03කින් තුනකින් සමන්විත ය.
ඒ සඳහා වත්මන් ආසියානු විස්සයි20 ශූරියන්වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 06වැනිදා අයර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ඒ අනුව, නම්කළ ශ්‍රී ලංකා කාන්තා සංචිතය මෙසේ ය.
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, අනුෂ්කා සංජීවනී, කාව්‍යා කාවින්දී, හසිනි පෙරේරා, කවිෂා දිල්හාරි, නිලක්ෂි සිල්වා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, ඉනෝෂි ප්‍රනාන්දු, ශෂිනි ගිම්හානි, කෞෂිනි නුත්‍යංගනා, අමා කාංචනා
