කෙසෙල් ගස් මැද තිබූ කවුරුත් නොසිතු දේ..

Report

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සූරියවැව ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස කෙසෙල් වගාවක් තුළ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෙවනගල – ගල්හිරා මංකඩ, වේලි ඔය ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවයි සඳහන් වන්නේ.

එහි දී නීති විරෝධී ලෙස පර්චස් 80 පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබු අඩි 06 අඟල් 02 ක් පමණ උස ගංජා ගස් 7,100 ක් වටලා තිබෙනවා.

හබුරුගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සෙවනගල පොලිස් ස්ථානය වෙතයොමු කර ඇති අතර ඉතිරි ගංජා ගස් සියල්ල ගිණි තබා විනාශ කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.