අද මෙරටින් සිදුවන දේ! ප්‍රවේසමෙන් - ප්‍රබල අනතුරු ඇඟවීමක්
Climate
lighting
Heavy thunder
By Sithumi
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
අද (18) දහවල් සිට හෙට (19) පෙරවරු 7.30 දක්වා වලංගු වන පරිදි එම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත්කර තිබේ.
අකුණු හා ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවන්හි දී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
